පසුගිය 11 දා ජනාධිපති නීතිඥයින් ලෙස පත් කර ඇති සමහර පුද්ගලයින්ගේ සුදුසුකම් පිළිබඳව ඊයේ වන විට අලුත් කඩේ නීතිඥවරුන් අතර රැව් දුන් කතාව වූයේ, මින් ඉදිරියට ‘ප්‍රසින්ඩන්ට් කවුන්සල් ඇන්ඩ් පබ්ලික් නෝටරි’යනුවෙන් නීතිඥවරුන් අතර නවතම වර්ගීකරණයක් කළ හැකි බවයි.


රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් ජාතික රූපවාහිනී සංස්ථාව මගින් රණවිරු ස්ටාර් iiiවැඩසටහන නිශ්පාදනය කොට විකාශනය කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා රජය එල් ටී ටී යට එරෙහිව ගෙනගිය යුද්ධයේ අවසාන භාගයේදී කොටි සංවිධානයට යටත් වීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සකසා තිබු බවට ශ්‍රී ලංකා සාම ක්‍රියාදාමයේ ප්‍රධාන මැදිහත්කරු එරික් සොල්හයිම් විසින් කරන ලද ප්‍රකාශය විදේශගත ඊලාම්වාදී සංවිධානයක් වන පාර ජාතික දමිළ ඊලාම් රජය ප්‍රතික්ෂේප කරනු ලබන බව විශ්වනාදන් රුද්‍රකුමාර් බී බී සී දමිළ සේවය සමඟ පැවැත්වූ සාකඡාවකදී අවධාරණය කර තිබේ.

පසුගිය අඟහරුවාදා තාලිබාන් වෙඩි පහරට ලක්වූ දහ හතර හැවිරිදි පකිස්තාන් පාසල් සිසුවිය,මලාලා යුසුෆ්සායි රාවල්පින්ඩි නුවර රෝහලකට ගෙන ගිය බව එරට බලධාරීහු ප්‍රකාශ කරති.

අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් පැය 24ක් තුළ මහේස්ත‍්‍රාත්වරයකුට ඉදිරිපත් කරන ලෙස දැනට පවතින නීතිය සංශෝධනය කර පැය 48ක් ඔවුන් පොලිසිය තුළ රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ඉඩ සැලසෙන නව නීතියක් ලෙස අපරාධ නඩු විධාන සංග‍්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත 11 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

නිර්මාල් හිටියේ ‘කෝ බැසිල් තාම ආවෙ නෑනෙ“ සිතමින් මඟ බලමින්ය. එස්.බී හිටියේ ‘කෝ තාම බැසිල් ගියෙ නැද්ද‘ පණිවිඩේ හරියට එනකංය. මළදානේ ඉවර වෙන්නෙත් නෑ-මං මළත් ඉවර කරන්නෙ නෑ ජාතියේ මළ කරදර ප්‍රශ්න ඉවර කරන්නට ආණ්ඩුවේ ඉන්න ලෝකෝත්තරයා බැසිල්ය.

ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ කුගන් මුරුගානන්දන් මහතා පැහැර ගැනීමට එරෙහිවත් ඔවුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බල කිරීමට හා ඔවුන් දෙදෙනා වහාම නිදහස් කරන ලෙස බල කිරීමටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර ඇති වැඩසටහන් මාලාවක එක් වැඩසටහනක් ලෙස ඔවුන් දෙදෙනාගේ පැහැර ගැනීම,ඔවුන්ගේ දේශපාලනය සහ පොදුවේ රට තුළ සිදු කෙරෙන මානව විරෝධී ක‍්‍රියා, පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් හා ඝාතනය කිරීම් පිළිබඳව වීඩියෝ වාර්තා වැඩසටහනක් එළිදැක්වීම අද (11) කොළඹ, පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වීමට කිසිදු ඉඩක් නොතබා ඊට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදනයන් අවහිර වන සේ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා කර ඇති නියෝගය මත ක්‍රීඩා පනත සංශෝදනය කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

ලංකා බැංකු සේවක සංගමයේ ස්වාධීන කණ්ඩායම රුපියල් මිලියන 5 ක මූල්‍ය වංචාවක් සිදු කර ඇති බව එම සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති /කැදවුම්කරු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අද(09) උදෑසන ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාට නියම පිළිතුරක් දී ඇති බව වාර්තා වේ.

අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පසුගිය ඉරිදා(07) ගල්කිස්ස ප්‍රදේශයේදී කළ පහර දීම ඇමනස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච්, ආටිකල් නයින්ටීන් වැනි මානව හිමිකම් සදහා කැපවූ ජාත්‍යන්තර සංවිධානවල විශේෂ අවධානයට යොමු වී ඇති බව අනාවරණය වේ.

අධිකරණ සේවා කොමිෂමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පසුගියදා මැර පිරිසක් විසින් පහරදීම සම්බන්ධයෙන්,‘එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන අංශ ප‍්‍රධානි’මංගල සරමවීර මහතා විසින් කොළඹ අද (2012-10-09)පැවැති පුවත්පත් සාකච්ඡාවේදී දැක් වූ අදහස්.එය කිසිදු සංශෝධනයකින් තොරව සම්පූර්ණයෙන් පහත පළවේ.

යුක්තිය වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා වන ක්‍රිෂාන් රාජපක්ෂ මහතා,තමාගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා අද දින (09) මානව හිමිකම් කොමිසම් සභාවට ගිය අවස්ථාවේ, එම පැමිණිල්ල භාර නොගැනීම් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ල උපුටා ගනා ලදී.

අධ්‍යාපන පරිපාලන සේවය සම්බන්ධයෙන්, ‘එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන අංශ ප‍්‍රධානි’ මංගල සරමවීර මහතා විසින් කොළඹ අද (2012-10-09) පැවැති පුවත්පත් සාකච්ඡාවේදී දැක් වූ අදහස්. එය කිසිදු සංශෝධනයකින් තොරව සම්පූර්ණයෙන් පහත පළවේ.

පසුගිය දෙවතාවකදීම අවසන් මහා තරඟ නැරඹීම සඳහා තමා ගිය විට එම තරඟ දෙකම ශ්‍රී ලංකාව පැරදුන බවත් එහෙයින් මෙවර අවසාන තරඟය රූපවාහිනියෙන් නැරඹීමට තමා වඩාත් ප්‍රිය කරන බවත් ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේ ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ පැවසූ බව ‘Times of India’ ("We have lost both the times I have gone to the ground, so I now prefer to watch cricket on TV," he said in a lighter vein, )පුවත් පත වාර්තා කර තිබේ.
තවත් ලිපි...
- ලේකම්වරයාට පහර දීමේ වගකීම කුඩු කාරයන් හතර දෙනෙක් මත පැටවීමේ සූදානමක්!
- ආණ්ඩුව කියන්නේ පහර දෙන්නේ බූතයෙක් කියලා - විජිත හේරත්
- මංජුල තිලකරත්න මහතාට පහර දීම ගැන පොලිස් පරීක්ෂණ ගැන විශ්වාස නෑ -IHR
- ලක්ෂ 70සමඟ රට පැනීමට ගිය ප්‍රෙඩ්රිකා ජෑන්ස් ලෝකයම අන්දයි
- රාජපක්ෂ සාපය නිසා මැච් පැරදෙනවා - ක්‍රීඩා ලෝලියෝ බැන බැන යති
