මුල්ලිවෛයිකාල් හී සාමාන්‍ය දෙමළ ජනයාට එරෙහිව සිදුවූ සියවසේ මහා ජනඝාතනය පිළිබඳ තමන් සතුව සාක්ෂි තිබෙන බව අද මුල් වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර සිටියේය.


සෞඛ්‍ය සේවයේ වෘත්තීමය සේවාවන්ට සමානව සැලකීම් නොකර, වෛද්‍ය සේවාවට පමණක් වැටුප් හා දීමනා වැඩිකිරීම වෙනුවෙන් වූ ඉල්ලීම් හා එකඟතා මේ වන විට එළිදක්වමින් පවති.

අල්ලස් හා දූෂණ කොමිසම මගින් ඊයේ(25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවරනු ලැබූ අගවිනිසුරුවරියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතා පෙබරවාරි 28 වන දිනට හෝ ඊට ප්‍රථම රිමාන්ඩ් බාරයට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොය බලන ලෙස ජනාධිපතිවරයා සිය නීති උපදේශකයන්ට ඊයේ දැනුම් දී තිබේ.

පසුගිය සතියේ ආරක්ෂක අංශ රැඳවුම් භාරයෙන් නිදහස් වූ එල්ටීටීඊ සංවිධානයේ ජාත්‍යන්තර නායක කුමරන් පද්මනාදන් හෙවත් කේපී සම්බන්ධව මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්තවාදී විමර්ශන ඒකකය සතුව තිබූ පරීක්ෂණ ලිපි ගොනු සියල්ලම මේ වන විට අදාල ස්ථානවලින් අතුරුදන් වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සැලකර සිටී.

මීට ඉහත දී අප වාර්තා කළ පුවත(දේශපාලනය එපා වී අනෝමා රට හැර යාමට සැරසේ) සනාථ කරමින් අනෝමා ෆොන්සේකා මහත්මිය පසුගිය සති අන්තයේ විදේශ ගත වී තිබේ. පසුගිය 18 වන දා විපක්ෂ එකමුතුව විසින් සංවිධානය කරන ලද රැලියට අපේක්ෂා කරන ලද දේශපාලන පක්ෂ සහ මහජන ප්‍රතිචාර නොලැබීමෙන් ඇය දැඩි ලෙස කලකිරීමට පත් වී සිටි බව ඇයගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියාවේ කූඩන්කුලම්හි ඉදි කරනු ලබන න්‍යෂ්ඨික බලාගාරයට සම්බන්ධයෙන් හා ආණ්ඩුව අනුගමනය කරන නිහඬ පිළිවෙත සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරය යාපනය, වව්නියාව හා මන්නාරම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදා හරින ලදී.

උතුරු පළාත් සභා මැතිවරණයෙහි මහ ඇමති අපේක්‍ෂවරයා ලෙස ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන්න සම්බන්‍ධයෙන් රජයතුල සීතල යුද්ධයක් ඇතිවී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

2012.10.25 දින ස්ථාවර නියෝග 23/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී නගනු ලැබූ ප‍්‍රශ්නය පහත වේ.

වෛද්‍ය සේවාවේ වැටුප් හා දීමනා වැඩි කිරිමට තීන්දු ගන්නේ නම් සෞඛ්‍ය සේවාවේ අනිකුත් වෘත්තීමය සේවාවන්ට ද ඊට සමානුපාතිකව සැලකිය යුතුයි

‘‘ළිංවලට බදු අය කිරීම පිළිබඳ සංවාදයක් දැන් ඇති වී තිබෙනවා. ජල සම්පත් අධ්‍යක්ෂවරයා කියන පරිදි වසරකට ලීටර් ලක්ෂයක් ජලය උනන් ළිංවලින් රුපියල් 7500ක බද්දක් අය කරනවා. ඊට වඩා වැඩි ළිංවලට රුපියල් 15,000 දක්වා බදු අය කරනවා.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතාට අල්ලස් හා දූෂණ කොමිසම මගින් හෙට(25 වනදා ) චෝදනා පත්‍රයක් ගොනු කිරීමට යන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.

නල්ලූර් ප්‍රාදේශීය සභාවෙහි සභාපති පරමලිංඟම් වසන්තකුමාර්ට හමුදාවේ බුද්ධි අංශ විසින් පහර දීම සහ විවිධ යාන්ත්‍රණයන් යොදාගනිමින් දෙමළ ජනයා සතු ඉතා දේශාපලන සුළු අයිතීන් උල්ලංඝනය කිරීමට විරෝධය පාමින් ඊයේ (23) දිනයේදී යාපනයේදී ප්‍රාදේශීය සභා නියෝජිතයන් විසින් විරෝධතාවයක් පැවැත්වීය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවා ඇති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා අද හෙටම ආණ්ඩු පක්ෂයට එක්වීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අරක්කු නිෂ්පාදනය කිරීම සඳහා මෙරටට ස්ප්‍රීතු ගෙන්වීමේ බලපත්‍ර කිහිපයක් දේශපාලඥයින් කිහිප දෙනෙකුට ලබා දී ඇති අතර, එම බලපත්‍ර යොදා ගනිමින් රුපියල් බිලියන දෙකකට අධික හොර ස්ප්‍රීතු මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ ජේෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

ඩබ්. ඒ. සිල්වා ශූරීන්ගේ ජනප්‍රියතම නව කතාව වන ‘කැලෑ හඳ’ පාදක කර ගනිමින් ඉරිදා ලංකාදීප කතෘ ආරියනන්ද දොඹගහවත්ත මහතා ‘කැලෑ හඳ’ නමින් ටෙලි නළුවක් නිශ්පාදනය කිරීමට කටයුතු යොදා තිබේ.














