“විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය“ විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමන ඊයේ(15) දහස් ගණනක් ජනතාවගේ සක්‍රීය සහභාගීත්වයෙන් පැවත් වූ බව මාධ්‍ය වාර්තා කළේ ය. නමුත් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම නැවත නැවතත් කියාපමින් සුපුරුදු ලෙස එම මහජන විරෝධය කඩාකප්පල් කිරීම සදහා එයට විරුද්ධව කොටුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය.


අසාධාරණ ලෙස ඉහළ දමන ලද විදුලි ගාස්තු අහෝසි කරන ලෙස වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මගින් ප‍්‍රකාශයට පත් කර ඇති 21 වැඩවර්ජනය සඳහා දායක වන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් වේලායුදන් පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ජනක නිලංග මධුශාන් මහතාට රහස් පරීක්ෂක දොපාර්තනමේන්තුවේ යැයි කියාගත් පිරිසක් විසින් මැයි මස 14 වැනි දින හවස 6. 30ට මරණීය තර්ජන කරන ලදැයි කියන පුවත නිසා සාමාජික ආචාර්ය සංගම් අටකින් සැදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය බලවත් සේ කණස්සල්ලට පත් වී සිටියි.

අයිතීන් සඳහා කාන්තා සංවිධානය විසින් වැඩිකළ විදුලි ගාස්තුවලට එරෙහිව ඊයේ කොළඹ දී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නව ආර්ථික උපදේශකවරයෙකු මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර මහතාට හදුන්වා දී ඇතැයි අපගේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පසුගිය 13 වැනිදා කිලිනොච්චිය දෙමළ විද්‍යාලයේ සිසුන් පිරිසක් ලවා හමුදාවේරණවිරු ප්‍රශස්ථ ගීත ගායනා කරවාගෙන ඇති අතර එම සිසුන් ලවාම තම සහෝදර දෙමළ ජනයා දහස් ගණනක් ඝාතනය කළ හමුදාවන්ට පදක්කම්ද පළදවා ඇති බව කිලිනොච්චියෙන් ලැබෙන පුවත් වාර්තා සදහන් කරයි.

විදුලි බිලට එරෙහිව ප්‍රධාන පෙලේ සියලුම වෘත්තීය සමිති හා විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව විරෝධතා පා ගමනක් අද (14) සංවිධානය කර තිබුණි.

වෙඩි හඬ නිහඬ වී ගතවූ කාලය වසර හතරක්.
ඒ හා සමාන කාලයකට ඉහතදී ශ්‍රී ලංකාවේ බීබීසී වාර්තාකරු ලෙසින් පත්ව කොළඹ ආ චාල්ස් හැවිලන්ඩ් උතුරු කරයට ආගිය වාර ගණන දස වතාවක් තරම්.

පසුගියදා පැරීසියේදි කෙටි නාට්‍ය තරගාවලියක උත්සවයක් පැවැත් වුයේය. ශ්‍රී ලංකාවේ ප‍්‍රවීන නාට්‍ය ශිල්පි ශ‍්‍රියන්ත මෙන්ඩිස්ගේ ප‍්‍රධානත්වයෙන් හා විනිශ්චයෙන් එම නාට්‍ය උළෙල පැවැත් වුයේය. පැරීසියේ ජීවත් වන නාට්‍ය කරුවන්ගේ දක්ෂතා නැරඹීමට එදින හැකි වුයේය.

විශේෂ ජනමාධ්‍ය හමුවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් 2013.05.15 බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී සංවිධානය කර තිබුණි. එහි දී අදහස් දැක් වූ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක සහෝදරයා .

උතුරේ පළාත් සභා ඡන්ද විමසීම සිදු කිරීම සම්බන්ධයෙන් රජය තමන් වෙත මේ වන තෙක් කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නැතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස උසස්‌වීම් ලද රෝහිණී මාරසිංහ මහත්මිය නිලවශයෙන් පිළිගැනීම සඳහා අද (15 ) පවත්වන උත්සවයට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර නොමැති බව අපගේ ආරංචි මාර්ග පෙන්වා දෙයි

දේශපාලන රුකවරණ ප්‍රතික්ෂේප වූවන් ශ්‍රී ලංකාවට පිටුවල් කිරීම නතර කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනේන්ද්‍රන් බටහිර රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී. ඔහු මෙසේ පවසා සිටින්නේ ජීවිත ආරක්ෂාව පත විවිධ රටවලට සංක්‍රමණය වන සංක්‍රමණික දෙමළ ජනයා දේශපාලන රුකවරණ ප්‍රතික්ෂේප වීම නිසා නැවත ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයන බව මාධ්‍ය වාර්තා මත පදනම් වෙමිනි.

'රිවිර' පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක ගයිරුක පේරුසිංහ මහතාට වහාම සේවයෙන් ඉවත්ව යන ලෙස එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් දැණුම් දී ඇති බව වාර්තා වේ. ගුවන් තොටුපොල හා ගුවන්සේවා සමාගමේ සභාපති කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය හා ලන්ඩනයේ පදිංචි නිලංක රාජපක්ෂ යන දෙදෙනා තවමත් මෙම ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වේ.

කිරිපිටි මිල රුපියල් 100කින් වැඩි කිරීමට නියමිත බවත් කිරිපිටිවල ආසනික් ඇති බව කියමින් ජනතාව මුලාකරන කතාවක් ආණ්ඩුව පතුරුවන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. කිරිපිටි මිල වැඩි කිරීම ගැන සාකච්ඡා සිදුවන බව ආරංචි වී ඇතැයි ද කොළඹදී අද (14) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
තවත් ලිපි...
- සිවරාම් කොටියෙක් නෙවෙයි - කුසල් පෙරේරා
- වන්නියේ 106,000 කට කුමක් සිදුවීද ? වන්නි හමුදා ආඥාපති බොනිෆස් පෙරේරාට පිළිතුරක්
- බලු කූඩුවේ කෑම කන්නට බලකෙරුණු නිර්මලාගේ දිනපොතෙන්
- රාජපක්ෂ ස්ටයිල් සංහිදියාව ; ශ්‍රී ලංකා නරුම යුධ-සංචාරක කර්මාන්තය
- එක්සත් ජාතීන් පැරදුණු යුද්ධය - පළමු කොටස. ( 'ගැණ නොනිමි මළවුන්' - ෆ්රාන්සස් හැරිසන්)















