Lanka News Web

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට අද උදෑසන 10.00 අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ජනතා විමුක්ති පෙරමුණේ කැනඩා කමිටුව සංවිධානය කරන ලද,23 වන ඉල්මහා විරුසමරුව 25/11/2012 දින ටොරොන්ටෝ ඉටබිකො සිවික් සෙන්ටර් හිදි උදේ10.30 ට ආරම්භ විය. අජිත් විජේරත්න සහොදරයා මුලාසනය දැරු අතර කැනඩා කමිටුවේ සහොදරවරු විරුසමරු ස්මාරකයට ඉටිපහන් දල්වා ආචාර කිරිමේන් අනතුරුව ඉල්මහා විරුසමරුවේ මුලාසන කථාවේන් පසුව කැනඩා කමිටුව වෙනුවෙන් ලකි සහෝදරයා කථා කරන ලදී.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පසුගිය නොවැම්බර් 23-25 දිනවල අසර්බයිජාන් බාකු අගනුවරදී පැවති ආසියානු දේශපාලන පක්ෂ ජාත්‍යන්තර සමුළුවේ 07වැනි මහා සභාවාරයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ දේශනයට සියලූ නියෝජිතයින්ගේ උණුසුම් සුභපැතුම් පිරිනමා තිබේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

වැඩකරන ජනතා බලයක් ගොඩනැගීමට, අයිතීන් දිනාගැනීමට එක්ව සටන් වදිමු යන්න තේමාව කරගනිමින් සමස්ත ලංකා සුවසේවා සංගමයේ 15 වන නියෝජිත මහ සමුළුව නොවැම්බර් 28 දින පෙ.ව 10.00 ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වෙන බව එම සංගමය පවසයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

හෙද සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් ආණ්ඩුවෙන් නොලැබෙන හෙයින් එයට එරෙහිව දෙසැ. 17, 18 සියළු හෙද සේවකයින් එක්ව අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයක් කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

කොළඹ ශ්‍රී ජයවර්ධන පුර පාර්ලිමේන්තු සභා ගර්භයේ තිබී සති අන්තයේදී හමු වූ කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තවමත් තහවුරු කරගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා අද මෙම සිදුවීම පිළිබඳව ජනමාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

උතුරු පළාතයෙහි ජීවත්වන දෙමළ ජනතාව අකමැති දිවිනැගුම පනත එම ජනතාව මත බලහත්කාරයෙන් පැටවීමේ උත්සහයට පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් සුළුජාතික නියෝජිතයන් අනුමැතිය දෙන්නේදැයි දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්දිරන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කර සිටියේය.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

දෝෂාභියෝගය සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන පෙත්සම් පිළිබඳව තීන්දුවක් හා ඊට අදාළ අර්ථ නිරූපණයන් ලබා දෙන තෙක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු කල් දමන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ ඉල්ලීම නොසලකා හරිමින් කටයුතු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා කමිටුවේ ආණ්ඩු පක්ෂයේ නීතිඥවරුන්ගේ නීතිඥ ධූර අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට නීතිඥයින් කණ්ඩායමක් සූදානම් වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තා වේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ප්‍රසිද්ධ දේශපාලනයට ඒමේ සූදානමකින් සිටින බවට වූ ප්‍රචාරයක් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ඉතා සැලසුම් සහගතව ප්‍රචාරය කරමින් සිටී. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුදැනුම යටතේ එකී කටකතාව ප්‍රචාරය කරනු ලබන්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ මහින්ද ඉලේපෙරුම මහතා විසිනි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තමා අගමැති ධූරයෙන් පමණක් නොව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වීමට සූදානම් බව ජනාධිපතිවරයා වෙත පවසා ඇති අග්‍රාමාත්‍ය දිමූ ජයරත්න මහතා ඒ වෙනුවට තම පුත් අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවට පත් කරන්නැයි ඉතා හැඟුම්බර ආකාරයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

මැලේසියාවේදී ලබන මස 4–6 දක්වා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවන බව දැනුම්දී ඇතැයි එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

හමුදාව දෙමළ ජාතික සන්ධානයේ අක්කරායකුලම් සංවිධායක වන ගුණරත්නම් සරවනාදන් මහතාට තර්ජනය කර ඇතැයි වාර්තා වෙයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

එළඹෙන 2013දී ශ්‍රී ලංකාවෙහි පැවත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව මැලේසියා රජය වර්ජනය කළ යුතුයැයි සුවරාම් මානව හිමිකම් සංවිධානයේ නායක කේ. ආරුමුහම් ප්‍රකාශ කර සිටී.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

රජයේ ප‍්‍රබල අමාත්‍යාංශ දෙකක් වන සෞඛ්‍යය අමාත්‍යාංශයටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයටත් එරෙහි ප‍්‍රබල මඩ ප‍්‍රචාරයක් ආණ්ඩුවේ ඉහළම තැනකින් ආරම්භ කොට ඇති බැව් මාධ්‍යය ආරංචි මාර්ග අප වෙත වාර්තා කරයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

උතුරු පළාතේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන්කල මුදලින් වැඩි ප්‍රමාණයක් සිංහල ජනතාව බහුතරයක් වෙසෙන වැලිඔය හා වවුනියාව දකුණු යන ප්‍රදේශයන්ට වෙන්කරන්නයි උතුරු පළාත් ආණ්ඩුකාර චන්ද්‍රසිරි නියෝග කර පළාතේ අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර තිබේ.