Lanka News Web

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ඉස්ලාම් භක්තිකයින් විසින් මහත් බැතියෙන් සමරනු ලබන හජ්ජි උත්සව දිනය අදට (27)යෙදී තිබේ. ඔවුහු අද ඒ වෙනුවෙන් ආගමික උත්සව පවත්වති.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

මුල්ලි​වෛයිකාල් හී සාමාන්‍ය දෙමළ ජනයාට එරෙහිව සිදුවූ සියවසේ මහා ජනඝාතනය පිළිබඳ තමන් සතුව සාක්ෂි තිබෙන බව අද මුල් වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර සිටියේය.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

සෞඛ්‍ය සේවයේ වෘත්තීමය සේවාවන්ට සමානව සැලකීම් නොකර, වෛද්‍ය සේවාවට පමණක් වැටුප් හා දීමනා වැඩිකිරීම වෙනුවෙන් වූ ඉල්ලීම් හා එකඟතා මේ වන විට එළිදක්වමින් පවති.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

අල්ලස් හා දූෂණ කොමිසම මගින් ඊයේ(25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවරනු ලැබූ අගවිනිසුරුවරියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතා පෙබරවාරි 28 වන දිනට හෝ ඊට ප්‍රථම රිමාන්ඩ් බාරයට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොය බලන ලෙස ජනාධිපතිවරයා සිය නීති උපදේශකයන්ට ඊයේ දැනුම් දී තිබේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පසුගිය සතියේ ආරක්ෂක අංශ රැඳවුම් භාරයෙන් නිදහස් වූ එල්ටීටීඊ සංවිධානයේ ජාත්‍යන්තර නායක කුමරන් පද්මනාදන් හෙවත් කේපී සම්බන්ධව මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්තවාදී විමර්ශන ඒකකය සතුව තිබූ පරීක්ෂණ ලිපි ගොනු සියල්ලම මේ වන විට අදාල ස්ථානවලින් අතුරුදන් වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සැලකර සිටී.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

මීට ඉහත දී අප වාර්තා කළ පුවත(දේශපාලනය එපා වී අනෝමා රට හැර යාමට සැරසේ) සනාථ කරමින් අනෝමා ෆොන්සේකා මහත්මිය පසුගිය සති අන්තයේ විදේශ ගත වී තිබේ. පසුගිය 18 වන දා විපක්ෂ එකමුතුව විසින් සංවිධානය කරන ලද රැලියට අපේක්ෂා කරන ලද දේශපාලන පක්ෂ සහ මහජන ප්‍රතිචාර නොලැබීමෙන් ඇය දැඩි ලෙස කලකිරීමට පත් වී සිටි බව ඇයගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ඉන්දියාවේ කූඩන්කුලම්හි ඉදි කරනු ලබන න්‍යෂ්ඨික බලාගාරයට සම්බන්ධයෙන් හා ආණ්ඩුව අනුගමනය කරන නිහඬ පිළිවෙත සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරය යාපනය, වව්නියාව හා මන්නාරම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදා හරින ලදී.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

උතුරු පළාත් සභා මැතිවරණයෙහි මහ ඇමති අපේක්‍ෂවරයා ලෙස ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන්න සම්බන්‍ධයෙන් රජයතුල සීතල යුද්ධයක් ඇතිවී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

2012.10.25 දින ස්ථාවර නියෝග 23/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී නගනු ලැබූ ප‍්‍රශ්නය පහත වේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

වෛද්‍ය සේවාවේ වැටුප් හා දීමනා වැඩි කිරිමට තීන්දු ගන්නේ නම් සෞඛ්‍ය සේවාවේ අනිකුත් වෘත්තීමය සේවාවන්ට ද ඊට සමානුපාතිකව සැලකිය යුතුයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

‘‘ළිංවලට බදු අය කිරීම පිළිබඳ සංවාදයක් දැන් ඇති වී තිබෙනවා. ජල සම්පත් අධ්‍යක්ෂවරයා කියන පරිදි වසරකට ලීටර් ලක්ෂයක් ජලය උනන් ළිංවලින් රුපියල් 7500ක බද්දක් අය කරනවා. ඊට වඩා වැඩි ළිංවලට රුපියල් 15,000 දක්වා බදු අය කරනවා.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතාට අල්ලස් හා දූෂණ කොමිසම මගින් හෙට(25 වනදා ) චෝදනා පත්‍රයක් ගොනු කිරීමට යන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

නල්ලූර් ප්‍රාදේශීය සභාවෙහි සභාපති පරමලිංඟම් වසන්තකුමාර්ට හමුදාවේ බුද්ධි අංශ විසින් පහර දීම සහ විවිධ යාන්ත්‍රණයන් යොදාගනිමින් දෙමළ ජනයා සතු ඉතා දේශාපලන සුළු අයිතීන් උල්ලංඝනය කිරීමට විරෝධය පාමින් ඊයේ (23) දිනයේදී යාපනයේදී ප්‍රාදේශීය සභා නියෝජිතයන් විසින් විරෝධතාවයක් පැවැත්වීය.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවා ඇති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා අද හෙටම ආණ්ඩු පක්ෂයට එක්වීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අරක්කු නිෂ්පාදනය කිරීම සඳහා මෙරටට ස්ප්‍රීතු ගෙන්වීමේ බලපත්‍ර කිහිපයක් දේශපාලඥයින් කිහිප දෙනෙකුට ලබා දී ඇති අතර, එම බලපත්‍ර යොදා ගනිමින් රුපියල් බිලියන දෙකකට අධික හොර ස්ප්‍රීතු මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ ජේෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.