වත්මන් ආණ්ඩුවේ ජන පීඩක ප්‍රතිපත්ති වලට හා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකිරීමට ඇරෙන වෑයමට එරෙහිව මතවාදීමය අරගලයක් සඳහා ,මෙරට ජනාදරයට ලක්ව තිබු 'ඇත්ත ' පුවත් පත යළි ප්‍රකාශයට පත්කිරීමට තීරණය වී ඇති බව අනාවරණය වේ.


උතුරේ පළාත් සභා මැතිවරණයට පෙර දෙමළ වැසියන්ගේ ඡන්ද ප්‍රමාණය අඩු කිරීමට සියලු උත්සාහයන් දරමින් සිටින්නේ යයි දෙමළ ජාතික සන්ධානය (දෙජාස) ආණ්ඩුවට චෝදනා කරයි.

ආණ්ඩුව අධ්‍යාපනය බාරදී තිබෙන්නේ පෞද්ගලීකරණය හිසේ තබාගත් අයෙකුට යැයි අද (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජනතා විමුක්ත් පෙරමුණ ප්‍රකාශ කර සිටියේ ය.

‘මගේ නිදහස අන්තිමටම සීමා වෙලා තියෙන්නෙ. මං සිතන්නේ මං නිවාස අඩස්සියක ඉන්නවා වගේ තමයි. රටට නිදහස අරගෙන එන්න මම කරපු ඒ කැපවීම ගැන කවදාවත් කම්පා වෙන්නෙ නම් නෑ. අල්ලස් කොමිසමට වරින් වර කැඳවනවා. ඩොකියුමන්ට් එකතු කරනවා. ඉතින් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක් ගතකරන්න විදියක් නෑ. ඒ වගේම මටත්, ප්‍රදීප්ටත්, පුතාටත් ජීවිත තර්ජන එල්ල වී තියෙනවා.' යනුවෙන් 43 වෙනි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේය. ඉරිදා 'මව්බිම' සමග කරන ලද එම පුවත් පත් සාකච්ඡාව පහතින් පලවේ.

පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල් පනතට එරෙහිව පැවැත්වූ විරෝධතාවයේ දී සිදු වූ ඝාතන. මැර ප්‍රහාර හා වෙබි තැබීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශ්‍රාමික විනිසුරු මහානාම තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද තිලකරත්න කොමසමේ වාර්තාව එලිදක්වන ලෙස ඉල්ලමින් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ලිපිය පහත පලවේ.

ඉන්දීය ක්‍රොංගස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුදර්සන නචීපන් විසින් නවදිල්ලියේදී "ශ්‍රී ලංකා දෙමළ නායකයන් " හමුවීමක් සංවිධානය කිරීම පිළිබද ඊයේ යාපනය මාධ්‍ය සංසදයේ පැවති මාධ්‍ය හමුවකදී දෙමළ ජාතික සංධානයේ සහ තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් මාවෛයි සේනාධිරාජා සිය අදහස් ඉදිරිපත් කලේය.

ජයලත් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව් මැදුරේ වතාවත් වලින් පසුව ඉරිදා (2) මිහිදන් කිරීමට නියමිතය.

ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමයේ 13 වන නියෝජිත සමුළුව අද කොළඹ ගුණසිංහපුර ප‍්‍රදීපා ශාලාවේදී පැවත්වන ලදී. ඒ සඳහා දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් ජල සම්පාදන මණ්ඩල සේවකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

EPF/ETF රැකගැනීමේ අරගලයේදී පොලීසියේ වෙඩි පහරින් ඝාතනය වූ රොෂේන් චානක සොයුරාගේ දෙවර්ෂ පූර්ණ සැමරුම අද සන්ද්‍යාවේ කටුනායක ඇවරිවත්තේදී රොෂේන් ඝාතනය කළවුන්ගේ අරමුණ ඉටුවෙන්න දෙන්නේ නැති බව ජානක අධිකාරී මහතා ප්‍රකාශ කරන ලදී.

ජනරළ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ජී. ඩී. එල්. ප්‍රියදර්ශන මහතා පැහැර ගෙන යාමට පසුගිය 30 වැනිදා රාත්‍රී දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.

"නගරයක පුස්තකාලය යනු එම නගරයේ වැසියන්ගේ ශ්‍රේෂ්ඨ උරුමයද , ශ්‍රේෂ්ඨත්වයේ මහිමයද අනාගතයට අවලෝකනය කරනු ලබන ඇසයි. "- - K. Nesiah (අධ්‍යාපන සහ මානව හිමිකම් ශ්‍රී ලංකාව)

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයෙන් නියුතු කිසිවෙකුට රජය අපහසුවට පත්වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් හෝ රාජ්‍ය ප්‍රතිපත්තියක් විවේචනය කළ නොහැකි අතර දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අවසරයකින් තොරව මාධ්‍යවෙත කිසිදු ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවට චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය සේවකයන් වෙත යොමුකර තිබේ. එයට සෑම කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයෙකුම අත්සන් තැබිය යුතු බවත් දන්වා ඇත.

ජූනි 5 වන දින යෙදෙන ලෝක පරිසර දිනය සැමරීම සඳහා පරිසර හා ස්වභාවික බලශක්ති අමාත්‍යංශය විසින් මිලියන 2කටආසන්න මුදලක් රාජ්‍ය ආයතන 3 කින් ලබා ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වනුයේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, රාජ්‍ය දැව සංස්ථාව හා භූ විද්‍යා කැණීම් හා පතල් කාර්යංශෙයනි.

රාවයේ ප‍්‍රති සංවිධාන අදහස පාඨකයන්ගේ උණුසුම් කතාබහට හේතුවී තිබීම යහපත්ය.මාගේ අදහස් පළකිරීම ගැන මහේෂ් හපුගොඩ තියුණු අදහස් පළකිරීමක් කර තිබුණි. නුවන් උදය වික‍්‍රමසිංහ සිය කොලම වෙන්කර තිබුණේද ඒ ගැන කතා කරන්නටය.

මාතලේ සමූහ මිනිස් ඝාතන මිනීවළ සම්බන්ධයෙන් මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව ඊයේ (31) දින නැවත විභාගයට ගැණිනි. එහිදී ජාත්‍යන්තර පොලිස් පරීක්ෂණක් ඉල්ලා ඇති අතර එම පරීක්ෂණයෙන් අනතුරුව ඞී.එන්.ඒ. පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව අධිකරණය දැනුම් දුන්හ.














