විදුලිබිල වැඩිකිරීමට ආණ්ඩුව ගත් තීරණයට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති නායකත්වයෙන් රාජ්‍ය, පෞද්ගලික හා වතු යන සියලූ ක්ෂේත්රවල වැඩකරන ජනතාවගේ සහභාගිත්වයෙන් වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මගින් මැයි 21 වන දින සමස්ත වැඩවර්ජනයක් කැඳවා ඇත.


Male pregnancy හෙවත් පුරුෂ ගර්භණිතාවය මේ වන විට සාර්ථකව අත් හදා බලා ඇති හෙයින් ජාතිය වඳ නොවී බේරා ගැනීමට කෑ ගසන ගිහි හා පූජ්‍ය පිරිමින් ට දරුවන් මාස නවයක් කුසේ දරා වදන්නට ඉදිරිපත් වෙන්නැයි අප යෝජනා කරමු.

අප පල කරන ලද මාතලේ සමූහ මිණීවල ගැන වාර්තාවන් කියවූ අපගේ පාඨකයෙක් මේ සම්බන්ධයෙන් ඔහුගේ අදහස අප වෙත ඊ -මේල් පණිවිඩයක් මගින් ලියා එවා ඇත. පාඨක ඔබගේ දැන ගැනීම පිණිස එම ලිපිය පහත පල කරන්නෙමු.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ 2013 මැයි දින රැළියේදී සම්මත කළ යෝජනා රැසක් සම්මත කර ගන්නා ලදී.

මාතලේ සමුහ මිනීවල අයත් බවට හදුනාගෙන ඇති 1986-1991 වකවානුව තුල මධ්‍යම පළාත භාර ව නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල මහතා සහ මාතලේ භාර හමුදා නිලධාරියකු ලෙස එවකට කර්නල් ,ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් ,එම වකවානුව තුල පැවති ජ.විපෙ භිෂණය හමුවේ රාජ්‍ය ත්‍රස්තවාදය ද දැඩි වූ බවත් උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්ර ඒකනායක මහතා කොළඹදී අද (9) පැවසිය.

මාතලේ සමූහ මිණිවලෙන් පුද්ගලයන් 154 දෙනෙකුගේ සිරුරු සොයා ගත් අතර ඒවා පරීක්ෂාවට ලක්කි රීමේ දී 1986-1991 අයත් බව අනාවරණය විය. එම සිරුරු කොටස් වල ඇති තුවාල වලින් පෙනී යනුයේ මේ සියළුම පුද්ගලයන් ඝාතනය කර ඇති බවයි.

රාජපක්ෂ රජය ප්‍රකාශ කරන පරිදිම උතුරේ මැතිවරණය පැවැත්වූවහොත් දෙමළ ජාතික සන්ධානයට එම මැතිවරණය ජයග්‍රහණය කළහැකි බවට රාජපක්ෂ රජයේ බුද්ධි අංශ දැනුම් දී ඇතිබව අද (07) දිවයින පුවත්පත වාර්තා කරයි.

දෙමළ පාර්ශවයෙන් වාර්ගික ශුද්ධයක් සිදුවී ඇති බව දෙමළ ජාතික සන්ධානය පිළිගනී.
පැය විසි හතරක් ඇතුළත උතුරෙන් මුස්ලිම් ජනතාව පලවා හරිනු ලැබීම වාර්ගික ශුද්ධ කිරීමක් හැර එයට වෙනත් අර්ථකතනයක් දිය නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කරයි.

අත් අඩංගුවේ පසුවන මුස්ලිම් - දෙමළ ජාතික සන්ධානයේ නායක අසාද් සාලි උපවාසය හමාර කළ බවට රජය කරන ප්‍රකාශය පවුලේ ඥාතීහු ප්‍රතික්ෂේප කරති.

එදා හැන්දෑවේ (2013 අපේ‍්‍රල් 12 වන සිකුරාදා) ලෝරිස් පාරට යාබද සම්බුද්ධත්ව ජයන්ති ගොඩනැගිල්ල ඉදිරිපිට හැව්ලොක් පාරේ දී ප.ව. 7.15ට පමණ මට යළි වතාවක් මතක් කරන ලද්දේ අප රට තුළ කිසි ම නිදහසක් නැති බව යි.

ආණ්ඩුවේ ඇමතිවරුන් 58 දෙනෙකු එජාපයට එකතු වීමට සූදානමින් සිටින බව එජාප ජාතික සංවිධායක හා නැගෙනහිර පළාත් සභා මන්තී‍්‍ර දයා ගමගේ පවසයි.

කැනඩාවේ වෙසෙන ඊළාම් දෙමළ ප්‍රජාව සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් එක්ව ශ්‍රී ලංකා රජ්‍ය විසින් ඊළාම් දෙමළ ජනයාට එරෙහිව සිදුකරන සැලසුම් සහගත වර්ග සංහාරයට විරෝධය දැක්වීම සදහා ශ්‍රී ලංකාවේ නිම් ඈදුම් වර්ජන කරන ලෙස ඉල්ලා සහ GAP නිමි ඇදුම් ව්‍යාපාරය ශ්‍රී ලංකාව සමග පත්වන ව්‍යාපාරික සම්බන්ධතා නවත්වන ලෙස බලකරන විරෝධතානයක් ඊයේ (05) කැනඩාවේ Ontario හිදී පැවත්වුනි.

ඊයේ(05) පැවති රග්බි තරඟාවලියේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ, නිසුරන්ට තර්ජනය කරමින් හා පහර දෙමින් නියම රාජපක්ෂ කෙනෙකු බව පෙන්වා ඇත.

නරක අතට පත්වී ඇති ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයන් වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණඩල රාජ්‍ය නායක සමුලුවට සහභාගීවීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයා තීරණය කිරීම තුළ ශ්‍රී ලංකා රජය විසින් සිදුකරන ලද යුධ අපරාධයන්ගේ අතසෝදා ගැනීමට අවස්ථාවක් ලැබේදැයි සැකයක් වර්ධනය වෙමින් පවතී .

ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලංවිමට රුපියල් කෝටි 8 ක දිගුකාලීනව එකතු වූ විදුලි බිලක් ගෙවීමට ඇති බවත් එම බිල මුදලින් ගෙවනවා වෙනුවට ඔවුන් සතුව තිබූ කෝටි 6 ක් වටිනා ජනක යන්ත්‍ර 2 ක් ලංවිමට පිරිනමා විදුලි බිලට හිලව් කර ඇති බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සහෝදරයා හෙළිදරව් කරයි.















