කාන්තන්කුඩි මීරාබාලිකා පාසල අසල ප්‍රදේශය මේ වනවිට සුද පිටියක තත්වයට පත්ව ඇතැයි වාර්තාවේ. ඊයේ (11) සවස ඇති වූ උණුසුම්කාරී තත්ත්වයකින් පසු එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලීසිය හා හමුදාව යොදා තිබේ.


මැයි 21 වැඩ වර්ජනය සාර්ථක කරමු.
බඩු මිල වැඩිවීමෙන් බරපතල ලෙස පීඩාවකට පත්ව සිටින ජනතාව අඳුරේම සිටින ලෙසට සංඥා කරමින් රාජපක්ෂ ආණ්ඩුව විදුලි බිල ඉහල දමා ඇත. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට බල කිරීමට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වේ.

21 වැඩවර්ජනය සඳහා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් අන්තර් සමාගම් සේවක සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා නියෝජිත හමුවක් හෙට (13) කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සවස 3.00 ට පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බව එම සංගමය පවසයි.

පුරුවැසියා ඉවසා සිටින තාක් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ නොහැකි බව නීතිඥ එස් ජී පුංචිහේවා මහතා පවසයි.“සිවිල් සංවිධාන එකමුතුවක් ගොඩනගමු“ යන මැයෙන් මානව හිමිකම් කේන්ද්‍රය සහ පර්යේෂණ ආයතනය සංවිධාන කළ වැඩමුළුවක් අමතමින් පුංචිහේවා මහතා මේ බව සදහන් කළේය.

ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශයන්හී බලපෑම මත හමුදාවට බැදුනු දෙමළ තරුණියන් 100 දෙනාගෙන් එක් තරුණියක් හට එයින් ඉවත් වීම සදහා 2012 දෙසැම්බර් 29 වැනිදා කොකාවිල් යුධ හමුදා කදවුරට ගිය යාපනයේ පදිංචි, අනුරාධපුර රෝහලට අනුයුත්තව සේවය කළ මනෝ චිකිත්සාව පිළිබද විශේෂඥ වෛද්‍ය රත්නසිංහම් සිවශංකර් ත්‍රස්ථ විමර්ෂණ පනත යටතේ අත්අඩංගුවට ගැනීම පිළිබද අප දෙසැම්බර් 30 වැනිදා වාර්තා කර සිටියෙමු.

විදුලි බිල වැඩි කිරීමට විරුද්ධව මැයි 21 වන දිනට සංකේත වැඩ වර්ජනයක් තීන්දු කළ වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුවේ තීන්දුව, ජනතා විමුක්ති පෙරමුණ සමගින් ගත් තීන්දුවක් ලෙස තමන් පිළිගන්නේ නැතැයි ආචාර්ය වික‍්‍රමබාහු සහ ඔහුගේ එක්සත් කම්කරු සම්මේලනය ප‍්‍රකාශ කිරීමත් සමග බලාපොරොත්තු නොවූ විරෝධයකට මුහුණ දී ඇත.

රාජ්‍ය ආයතන අටක් මේ වන විට අක්‍රීයව පවතින බව ද ඉන් ආයතන හතරක් ඈවර කිරීමට නියමිතව ඇතැයි ද මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එජාපය හරහා දේශපාලනයට පිවිසි දිවංගත මුස්ලිම් නායක එම්.එච්.එම්. අෂ්රොෆ් අම්පාර ප‍්‍රදේශයට මෙන්ම ජාතික මට්ටමෙන් ද සිදු කළ ඉමහත් සේවාව තවදුරටත් කරගෙන යෑම සඳහා ඔහුගේ පුත‍්‍රයාට ද එජාපයෙන් දේශපාලනයට පිවිසීම සඳහා පක්‍ෂයට භාර දෙන්නැයි එජාප ජාතික සංවිධායක හා නැගෙනහිර පළාත් සභා මන්තී‍්‍ර දයා ගමගේ ඉල්ලා සිටී.

තමාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කලේ ජනාධිපතිගේ හා ගෝඨාභයගේ අනුදැනුම මත බව හිටපු හමුදාපති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටී.

කොළඹ දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා කොළඹ රාජගිරිය ජාතික වතුකම්කරු සංගම් ශාලාවේදී 2013-05-10 දින පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවෙන් උපුටා ගන්නා ලදී

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා නිදහස් කළ බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි.

මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් සිදුකරනු ලබන සියලුම පරීක්ෂණ මාතලේ පොලිස් ස්ථානය මූලික කරගනිමින් සිදුකරන ලෙස මාතලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුරිකාද සිල්වා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10) නියෝග කළාය.

රාජපක්ෂ රජය විසින් මන්නාරම් දිස්ත්‍රික්කය තුළ අලුතින් සිංහල පවුල් 5000 පදිංචි කිරීමට සූදානම් වන බවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ නායක සෙල්වම් අඩික්කලනාදන් මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් චෝදනා කර සිටී.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව පසුගිය සෙනසුරාදා රැස්විය. එහිදී ආණ්ඩුව සැලසුම් කරන 19වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැනත් විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඉදිරියේ කරන අරගලය ගැනත් සාකච්ඡා කළා.

‘‘මගේ ගම මයිලිට්ටි. මයිලිට්ටි වරාය ඉස්සරහ තමයි මගේ ගෙදර තිබුණේ. යුද්ධය නිසා 1990 ජූනි 15 වෙනිදා අපි අපේ ගෙවල්, ඉඩකම් දාලා ගියා. දැන් වෙනකොට අවුරුදු 23ක්. ඒ අවුරුදු ගානෙම අපි ගෙවල් 25ක විතර තාවකාලිකව ඉදලා තියනවා.
තවත් ලිපි...
- අපිව එකතු කළෙත් මේ ආණ්ඩුවම තමයි...- වෘත්තීය සමිති
- ශ්‍රී ලංකාව විදේශීය ව්‍යාපාරිකයන්ට ඇති සීමා ලිහිල් කිරීමට යයි
- ආසාද් සාලි ගේ නිව්ස් කපන්නැයි ගෝඨාගෙන් බලපෑම්!
- රාජ්‍ය සේවය, අධිකරණය දැන් සම්පූර්ණයෙන්ම රාජපක්ෂකරණයට ලක් කොට හමාරය. - විපක්ෂයේ විරෝධය
- 21 වර්ජනයට බස් සංගම්, වතු වෘත්තීය සමිති, විදුලි පාරිභෝගික සංගම් සහායත්














