මීට සිව් වසරකට පෙර උතුරේ , මුල්ලිවයික්කාල් හිදී මිය ගිය දස දහස් ගණන් සිය නෑසියන් වෙනුවෙන් ශෝක වෙන පිරිස් දහස් ගණනක් ලන්ඩන් නගරයේදී උද්ඝෝෂණයකට සහභාගි විය.


හෙළ උරුමයේ අධ්‍යාපන ලේකම් සහ ජනවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් එම උසස් අධ්‍යාපන අමාතං ඉහළින් ලැබුණු නියෝගයක් මත කතිකාචාර්යධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර තිබේ.

සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි ජීවන මට්ටමකට මුහුණ දෙමින් සිටියදී විදුලිය ගාස්තුද ඉහළ දැමීමෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත් වී ඇති බවත් මේ පිළිබඳව වෘත්තීය සමිති මෙන්ම විවිධ පාර්ශව විසින් ඉල්ලීම් කරනු ලැබුවද වැඩිකල විදුලිය ගාස්තු පහත හෙලීමට මේ වන තෙක් කටයුතු කර නැත.

මෙරට ආර්ථිකය හා දේශපාලනය හසුරුවන්නේ කළු සල්ලි මාෆියාවක් විසිනි. පසුගියදා මේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර ප‍්‍රකාශකර තිබුණේද නිල ආර්ථිකයට සමාන්තරම ‘‘කළු සල්ලි’’ ආර්ථිකයක් ගොඩනැගී ඇති බවයි. ප‍්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනෙක් විශ්මිත ලෙස ධනකුවේරයන් වී සිටිති.

සන්ඬේ ලීඩර් පුවත්පත හිතවත් ව්‍යාපාරිකයකු යොදවා මිලදී ගන්නා ලද ආකාරයටම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මිලින්ද මොරගොඩ යොදවා රාවය පුවත්පතද මිලදී ගැනීමට සැලසුම් කර ඇතැ’යි කියන කතාව පසුගිය සතිඅන්තයේ ලංකාවට සම්බන්ධ බොහෝ වෙබ් අඩවි වාර්තා කොට තිබුණේ ආණ්ඩුවටත් වඩා රාවය හා මා කෙරෙහි ද්වේෂයක් හා නින්දාසහගත හැඟීමක් ඇතිකෙරෙන ආකාරයටය.

‘‘දාස භාවය දූරිභූත කිරීමට කෲර පාලකයන් කවදාවත් ඉත සිතින් කැමති නොවෙනු ඇත.’’ - තෝමස් රෙයිනා

ඒ, අනූව දශකයේ අගභාගයයි. හැමවිටම පෙබරවාරිය උදා වූයේ රිචඩ් ද සොයිසා ගැන මතකයන් අවදිකරමිනි. ඔහුගේ මාධ්‍ය භාවිතයන් විමර්ශනය කරමින්, ඔහුගේ කාව්‍ය නිර්මාණ කියවමින්, ඔහු ගැන සමරු සම්මන්ත්‍රණ, වැඩසටහන් පැවැත්වීම සඳහා මිතුරන් සමග වෙහෙසෙමින් ගෙවූ ඒ කාලය වේගයෙන් ඉපැරණිව ගොස් ය. 2013 පෙබරවාරිය නිහඬවම ගෙවිණ.

මන්නාරමේ පැවති මුල්ලිවෛයිකාල් අනුස්මරණ උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ත්‍රස්ත විමර්ෂණ පනත යටතේයැයි කියමින් අත්අඩංගුවට ගත් දෙමළ ජනතා ජාතික පෙරමුණේ මහලේකම් එස්.කජෙන්දුන් ඈතුලු දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයන 15 දෙනා පුද්ගලික ඇප මතමීට පැයකට පමණ පෙර නිදහස් කර තිබේ.

වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මගින් 21 වැඩවර්ජනය සම්බන්ධයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනෝෂන් මහතා සමග ඊයේ දින එම පක්‍ෂයේ කාර්යාලයේදී කළ සාකච්ඡාවකදී ලබාදිය හැකි උපරිම සහායත් වැඩවර්ජනය සඳහා අනුබද්ධ වෘත්තීය සමිති සහභාගී කරන බවටද එකඟ වී ඇත.

කොළඹ හමුදා මූලස්ථානයේ 2007 වසරේ දී, එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා ඉලක්ක කර ගනිමින්, සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතාගෙන් කටඋත්තර ගැනීමට පැමිණි රහස් පොලිසියේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා, ෆොන්සේකා මහතාගේ ඉදිරියේ දණින් වැටී ආයාචනා කළ සිද්ධියක් සම්බන්ධව එම පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් එස්. කජේන්ද්‍රන් සහ එම පක්ෂයේ ජාතික සංවිධායක විශ්වලිංගම් මනිවන්නන් සහ තවත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ ක්‍රියාකරුවන් 13 දෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය විසින් ත්‍රස්ත විමර්ෂන පනත යටතේ යැයි කියමින් අත්අඩංගුවට ගෙන තිබේ.

1971 කැරැල්ලෙහි යම් සාධාරණත්වයක් පැවතියත් 1988-89 ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇති කළ කැරැල්ල සමාජ සාධාරණත්වයක් වෙනුවෙන් කරනු ලැබූවක් ලෙස පිළිගත නොහැකියි.

2009 මැයි 18 වැනිදා සිදුවූ වර්ග සංහාරයේදී සිදුවූ මහා මිනිස් ඝාතනය අනුස්මරණය කරමින් ඝාතනය වූ සිය නෑසියන් ආදරණීයයන් සිහිපත් කිරීමේ උලෙලක් අද වව්නියාව නගර ශාලාවේදී පැවැත්වුණි.

4 වන ඊළාම් යුද්ධය දෙමළ විමුක්ති කොටින් වෙත මහත් වූ විනාශයක් අත්කර දෙමින් 2009 මැයි මසදී අවසන් විය. එය අවසානයේ 40,000 – 100,000 අතර දෙමළ සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් ඝාතය විය. යුද්ධයේ අදියරට සති කීපයක්වන තෙක්ම මුල්ලිවෛයිකාල් රැදී සිටි ටැමිල්නෙට් වෙබ් අඩවියේ වන්නි ප්‍රධාන වාර්තාකරු ලෙස සේවයකළ ලෝකීසන් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවත්වීමට මා හට අවස්ථාවක් හිමිවිය.

හිතවත් සුන්දරලිංගම් මහතාණනි,
මා කියවා බැලූ ලිපිගොනුවේ ලේඛන දුසිම, විශේෂ උනන්දුවකින් සහ කණගාටුවකින් ද යුතුව, මේ සමග ආපසු ඔබට එවමි.සිංහල සහ දෙමළ ප‍්‍රජාවන් අතරේ මෙතරම් දරුණු භේදයක් ඇති වෙතැ යි ලංකාවේ අග‍්‍රාණ්ඩුකාරවරයා වශයෙන් සිටි නිල කාලය තුළ කිසි විටෙක මා බලාපොරොත්තු නොවූවකි.















